General16 May 2013

මහසෙන් රහස් පොලිසියටත් යයි.

ශ්‍රී ලංකාවට පසුගියදා බලපෑම් එල්ල කළ සුළි කුණාටුවට මහසෙන් යන නාමය යෙදීම සම්බන්ධයෙන් සමාජයේ ඇතිවු කතාබහ තවමත් අවසන් වී නැහැ. දේශීය වාරි සංස්කෘතික උරුමය පිළිබඳ ජාතික සභාව අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක්ද ගොනුකළේ මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි ඉන්දියානු සාගර කලාපයේ සුළි කුණාටු සඳහා නම් තැබීම ආරම්භ කෙරුණේ 2004 සිටයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, මියන්මාරය,  ඕමානය, පාකිස්තානය සහ තායිලන්තය මෙම ඉන්දියානු සාගර කලාපයේ සුළි කුණාටු සඳහා නම් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් ලබාදී ඇත්තේ මාලා, රශ්මි, බන්දු, මහසෙන්, ප්‍රියා, ආසිරි, ගිගුම් සහ සොබා යන නම් අටයි. 2006 දී ශ්‍රී ලංකාවෙන් යෝජනා වූ මාලා නම සුළි කුණාටුවකට යොදා ගත්තා. 2008 දී රශ්මි යන නමත්, 2010 දී බන්දු යන නාමයත් එසේ සුළි කුණාටු සඳහා යොදාගත් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ නාමයන්.

මහසෙන් යන නාමයට විරෝධය පළ වුණේ රජරට කෙත්වතු සරුසාර කිරීමට මින්නේරි වැව ඉදිකළේ මහසෙන් රජතුමා වීම නිසයි. අදත් මෙරට වැසියන් මහසෙන් රජතුමා හඳුන්වන්නේ මින්නේරි දෙවියන් ලෙසයි.

කෙසේ වෙතත්, මෙවර සුළි කුණාටුවට යෙදූ මහසෙන් යන නාමය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට ඉවත් කරගෙන තිබෙනවා. එහෙත් ඊට විරෝධය දක්වා එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවීමටද තම සංවිධානය සූදානම් බව දේශීය වාරිසංස්කෘතික උරුමය පිළිබඳ ජාතික සභාව කියා සිටියා. ඒ පිළිබඳ පැහැදිලි කළ එහි මහ ලේකම් නිමල් වීරතුංග.

[MP3]s59087_1[/MP3]

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කාරියවසම් කියා සිටියේ මෙම නම් ලැයිස්තුව යෝජනා කිරීම අද, ඊයේ සිදුවූවක් නොවන බවයි.

[MP3]s59087_2[/MP3]                                  

බොදුබල සේනා සංවිධානය කොළඹ දී අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද සුළි කුණාටුවකට මහසෙන් යන නාමය යෙදීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ, එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.
 
[MP3]s59087_3[/MP3]

Related recommendation
Hiru TV News | Programmes