සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ 12 ක් මරුට.

Friday, 17 May 2013 - 8:22

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



බෙංගාල බොක්කේ සිට හැමූ ප්‍රචන්ඩ සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු තීරයේ සිට ගමන් ගත් මෙම සුළි කුණාටුවෙන් මේ වනවිට බංග්ලාදේශයේ පුද්ගලයන් 12 දෙනෙකු මරුමුවට පත්වී ඇති අතර, මිලියනයකට අධික ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගැණුනා. සුළි කුණාටුව බංග්ලාදේශයේ - පටුවක්කාල් ප්‍රදේශයට ඊයේ කඩා වැදුණේ පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයෙන්. එහි දැඩි වර්ෂාපතනයක් ද හට ගත්තා. සුළි කුණාටුවෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ බංග්ලාදේශයේ මියන්මාර දේශසීමාව ආසන්නයේ වෙසෙන රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටසටයි. සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ මියන්මාරයේ සහ ඊසාන දිග ඉන්දියාවේ අසූ දෙලක්ෂයක් ජනතාවට බලපෑම් ඇතිවිය හැකි බවට ජගත් සංවිධානය අනතුරු ඇඟවීමක් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories