ශ්‍රී ලාංකීකයන් ඇමෙරිකාවට යැවීමේ ජාවාරමක් ඉක්වදෝරයෙන් හෙළිවේ.

Friday, 17 May 2013 - 12:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A.



ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිට නීති විරෝධී සංක්‍රමණිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයට යැවීම සඳහා ඉක්වදෝර් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වූ මිනිස් ජාවාරමක් එරට පොලිසිය විසින් හෙළිදරව් කරගෙන තිබෙනවා. මෙහිදී ඉන්දියානුවන් තුන් දෙනෙකු සහ ඉක්වදෝර සංක්‍රමණික පොලිසියේ සාමාජිකයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. නීති විරෝධී සංක්‍රමණිකයන් ඇමෙරිකාවට යැවීම සඳහා මොවුන් ඩොලර් 5000 ක් අය කරන අතර, ඉක්වදෝරයේ සිට මධ්‍යම ඇමෙරිකාව හරහා එක්සත් ජනපදය වෙත සංක්‍රමණිකයන් යැවීම ඔවුන්ගේ උපක්‍රමයයි. මෙම කල්ලිය සමඟ අදාළ ලිපිගොනු, ලැප්ටොප් පරිගණක සහ ඩොලර් ලක්ෂයක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.

 

මේ අතර, බෝට්ටු මාර්ගයෙන් පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන් සිය රටෙන් පිටත රැඳවීම සඳහා වන  ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණික පනත එරට සෙනේට් මණ්ඩලය විසින් ඊයේ අනුමත කර තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවලින්  ඕස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් අධෛර්යමත් කිරීම එහි අරමුණයි. නව නීතියට අනුව  ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගොඩබිමට ඇතුළුවන නීතිවිරෝධී සංක්‍රමණිකයන් ද නාවුරු සහ පැපුවා නිව්ගිනියාවේ - මනූස් දිවයින් වෙත යැවෙනු ඇති.  ඕස්ට්‍රේලියානු සංක්‍රමණික නීතියේ එම නව සංශෝධනය ජෝන් හොවාඞ් රජය විසින් ඉදිරිපත් කරන ලද්දක්.  ඕස්ට්‍රේලියාවට මේ වසරේදී මේ වනවිට නීති විරෝධී සංක්‍රමණිකයන් 6036 දෙනෙකු පැමිණ ඇති අතර, ඉන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන්.  ඕස්ට්‍රේලියාව විසින් තවත් නීති විරෝධී සංක්‍රමණිකයන් 58 දෙනෙකු ඊයේ  ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා. ඒ අනුව, පසුගිය වසරේ අගෝස්තු 12 වැනිදා සිට මේ දක්වා  ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කළ නීති විරෝධී සංක්‍රමණිකයන් සංඛ්‍යාව 1131 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories