මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට නීතිය හමුවේ ඔප්පු වී ඇති එකම කැබිනට් අමාත්‍යවරයා, අමාත්‍ය විමල් වීරවංශ වන බැවින් ඔහුට නිසි දඬුවම් ලැබිය යුතු බව කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස ප්‍රකාශ කළා. කඩුවෙල මහ නගර සභාවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ වීරවංශ අමාත්‍යවරයා මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මානව හිමිකම් කොමිසම පවා පිළිගෙන ඇති බවයි.
2011 වසරේ පැවති කඩුවෙල මහ නගර සභා මැතිවරණයේදී අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසක් මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස පැමිණිලි කර තිබුණේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටයි. අත්පත්‍රිකා බෙදා හැරීම සහ පෙළපාලි යාම පිළිබඳවයි එමඟින් චෝදනා කර තිබුණේ. එහිදී පැමිණිල්ලට අනුව මැතිවරණ නීති උල්ලංඝනය වී ඇති බවත් අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසක් ඊට සහභාගී වී ඇති බවත් ඒ පිළිබඳ විමර්ෂණ වාර්තාව එළිදක්වමින් මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබෙනවා. ඒ අනුව කොමිසම නිර්දේශ කර ඇත්තේ අදාළ පුද්ගලයන්ට එරෙහිව නීති මඟින් ක්‍රියා කිරීමට නීතිපතිවරයාගෙන් විමසා සුදුසු පියවරක් ගතයුතු බවයි. මේ පිළිබඳව කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේ මෙලෙසින්.
[MP3]s59161_1[/MP3]
මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණහොත් තමන් අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව කඩුවෙල මංසන්ධියේ මාරාන්තික උපවාසයක් සිදුකරන බව ද ඔහු සඳහන් කළා.
[MP3]s59161_2[/MP3]
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද