General17 May 2013

සරසවි ශිෂ්‍යයාට අන්තරෙන් විකල්ප 3ක්.

පාසල් නඩත්තු කිරීම සඳහා රජය විශ්වවිද්‍යාල ද උපයෝගී කර ගැනීමට උත්සාහ දරන බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කළා. කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර කියා සිටියේ ඉදිරියේදී උපාධිය ලබා ගැනීම සඳහා සිදුකළ යුතු ව්‍යාපෘතියක අනිවාර්ය කොටසක් ලෙස මෙය එක්වීමේ හැකියාවක් පවතින බවයි.

 

[MP3]s59162_1[/MP3]

 

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගමගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ විශ්වවිද්‍යාල ආසන්නයේ ඇති පාසල් සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බවයි.

 
[MP3]s59162_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes