විජයග්‍රහණයේ සැමරුමට භට පිරිස් 11,000ක්.

Saturday, 18 May 2013 - 8:03

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B7%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+11%2C000%E0%B6%9A%E0%B7%8A.

ගාලූමුවදොර පිටියේ පැවැත්වෙන විජයග්‍රහණ සැමරුම් පෙළපාලිය සඳහා භට පිරිස් 11,000ක් පමණ සහභාගි වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසනවා. අද (18) දිනයේ පැවැත්වෙන ආචාර පෙළපාලිය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කරන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා.

 

[MP3]s59177[/MP3]

 

මේ අතර, අද (18) පැවැත්වෙන විජයග්‍රහණයේ පෙළපාලිය නිමිත්තෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව අද උදෑසන පහේ සිට විජයග්‍රහණ පෙළපාලිය සහ උත්සවය අවසන් වනතුරු කොළඹට ඇතුළුවන මාර්ග තාවකාලිකව වසා දැමෙනු ඇති. සීනෝර් හන්දියෙන් කොටුව සී.ටී. ඕ. හන්දිය දෙසට ඇතුළුවීම, සී.ටී. ඕ. හන්දියෙන් කොටුව දෙසට ඇතුළුවීම, වරාය දොරටුව අසලින් චෛත්‍යය පාරට ඇතුළුවීම, කොල්ලූපිටිය හන්දියෙන් ගාලූ මුවදොර වටරවුම දෙසට ඇතුළුවීම මේ අනුව අත්හිටුවනු ලබනවා. එමෙන්ම, ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලූ පාර දෙසට ඇතුළුවීම, කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුමෙන් රීගල් වටරවුම දෙසට ඇතුළුවීම සහ ගාමිණී වටරවුමෙන් ඞී.ආර්. විජේවර්ධන මාවතට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවන බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

 
මේ අතර, අද (18) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී ද ජාතික රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්වෙනවා. ඒ අනුව පොල්දූව මංසන්ධිය, පාලම් තුන වට රවුම, පැළවත්ත මං සන්ධිය සහ කිඹුලාවල මං සන්ධියෙන් පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට පැමිණෙන සියලූ මාර්ග පස්වරු 2.00 සිට උත්සවය අවසන් වන තුරු වසා දැමෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories