13 ට එරෙහි හෙළ උරුමයෙන් පනත් කෙටුම්පතක්.

Saturday, 18 May 2013 - 12:49

13+%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A.

13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එක් වූ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන ලෙස ඉදිරි සති දෙක තුලදී පාර්ලිමෙන්තුවට පනත් කෙටුම්පතක් ගෙන එන බව ජාතික හෙළ උරුමය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම, විපක්ෂයේ සියලූ දේශපාලන පක්ෂ සමඟ ද ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවයි.

 

[MP3]s59199[/MP3]

 

මේ අතර, මෙරට පළාත් සභා ක්‍රමය යටතේ පැවරෙන ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඊයේ ඍජුවම ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව 13 වන සංශෝධනය යටතේ පවතින වගකීම්වලින් ඉවත් නොවන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත ඊයේ මෙම දැනුම්දීම කර ඇත්තේ දුරකථන සංවාදයකට එක්වෙමින්.

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද එය ව්‍යර්ථ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories