13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරෙන ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස ඉන්දියාව රජයෙන් ඉල්ලීමක් කර නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබුණ ද, එහිදී 13 වන සංශෝධන යටතේ පවතින වගකීම්වලින් ඉවත් නොවන ලෙස ඉල්ලීමක් කර නොමැති බවයි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එක්වූ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් ඉදිරි සති දෙක තුලදී පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන එන බව ජාතික හෙළ උරුමය සඳහන් කළා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ සහ විපක්ෂයේ සියලූ දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවයි.
[MP3]s59221_1[/MP3]
පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සිදු නොකළ යුතු බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර ද මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියා.
[MP3]s59221_2[/MP3]
ජාතික හෙළ උරුමයේ මතය ආණ්ඩුවේ මතය ද යන්න පළමුවෙන් ප්‍රකාශ කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.
[MP3]s59221_3[/MP3]
ආණ්ඩුවේම හවුල්කාර පාර්ශවයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළේ පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සිදු නොකළ යුත්තක් බවයි.
[MP3]s59221_4[/MP3]
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඵල රහිත වුව ද, ඇතැම් පිරිස් එය අහෝසි කරන්නැයි ඉල්ලා සිටින්නේ ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
[MP3]s59221_5[/MP3]
කෙසේ වුවද, එක්සත් රටක් ගොඩනැගීම සඳහා පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම ගැටලූවක් නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
[MP3]s59221_6[/MP3]
Latest News
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ තද සුළං
ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ H-1B වීසා ගාස්තුව අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි