ශ්‍රී ලාංකීය රණවිරුවන් රට දීනත්වයෙන්, වීරත්වයට ගෙන ගිය සැබෑ විරුවන් පිරිසක් බව සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ උතුරේ ජනතාව කපටි ආරක්ෂකයන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලය ද එළඹ ඇති බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ විජයග්‍රහණයේ 4 වන සැමරුම කොළඹ - ගාලූමුවදොරදී අද (18) අමතමින්.
මෙම අභිමානවත් උත්සවය ගාලූ මුවදොර පිටියේදී අද (18) සැමරුනේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා මෙන්ම, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන්. දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ඊට එක්ව සිටියා. ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියෙන් පසු උත්සවය ආරම්භ වූ අතර, ජාතික ධඡය ඔසවනු ලැබුවේ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්. අනතුරුව, ත්‍රිවිධ හමුදා ගායන සහ වාද්‍ය වෘන්ධය විසින් ජාතික ගීතය ගායනා කළා. ඉන් පසුවයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පීඨිකාවට පිවිසුණේ. රට වෙනුවෙන් ජිවිත පූජා කළ සහ ජීවිත කැප කළ රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිහැඬියාවක් දක්වමින්, ගෞරව කිරීම සිදු වූ අතර, අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාර පිරිනැමුණා. ඒ ආචාර්ය වෙඩි මුර 21 ක් සමඟයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුව, ආචාර පෙළපාලිය නිරීක්ෂණය කළ අතර, පෙළපාලියට නිලධාරින් 583 දෙනෙකු සහ සෙසු නිළයන් 9090 දෙනෙකු එක්ව සිටියා. ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේ ඉන් අනතුරුවයි. රණවිරුවන් රට දීනත්වයෙන්, වීරත්වයට ගෙන ගිය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා.
[MP3]s59223_1[/MP3]
තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ උතුරේ ජනතාව කපටි ආරක්ෂකයන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවයි.
[MP3]s59223_2[/MP3]
ජනාධිපතිවරයා ජාතිය ඇමතීමෙන් පසු යුද්ධයේදී දිවි පිදූ වීර රණවිරුවන් වෙනුවෙන් පරම වීර විභූෂණ සම්මාන ලබාදීම සිදුවූ අතර, අනතුරුව ආචාර පෙළපාලිය ආරම්භ වුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඊට එක්වුණු අතර, නාවික හමුදාවේ නෞකා සහ ගුවන් හමුදාවේ යානා එය තවත් වර්ණවත් කළා.
මේ අතර, යුද්ධයේදී මියගිය අභීත රණවිරුවන් සිහි කරමින් විශේෂ රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ ආරම්භ වුණේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදීයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ද එම අවස්ථාවට එක්ව සිටියා.
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද