කපටි ආරක්ෂකයන් ගැන ජනපති උතුරේ ජනතාවට කියයි.

Saturday, 18 May 2013 - 18:47

%E0%B6%9A%E0%B6%B4%E0%B6%A7%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



ශ්‍රී ලාංකීය රණවිරුවන් රට දීනත්වයෙන්, වීරත්වයට ගෙන ගිය සැබෑ විරුවන් පිරිසක් බව සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ උතුරේ ජනතාව කපටි ආරක්ෂකයන්ගෙන් ප්‍රවේශම් විය යුතු කාලය ද එළඹ ඇති බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ විජයග්‍රහණයේ 4 වන සැමරුම කොළඹ - ගාලූමුවදොරදී අද (18) අමතමින්.

මෙම අභිමානවත් උත්සවය ගාලූ මුවදොර පිටියේදී අද (18) සැමරුනේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා මෙන්ම, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන්. දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ඊට එක්ව සිටියා. ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියෙන් පසු උත්සවය ආරම්භ වූ අතර, ජාතික ධඡය ඔසවනු ලැබුවේ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්. අනතුරුව, ත්‍රිවිධ හමුදා ගායන සහ වාද්‍ය වෘන්ධය විසින් ජාතික ගීතය ගායනා කළා. ඉන් පසුවයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පීඨිකාවට පිවිසුණේ. රට වෙනුවෙන් ජිවිත පූජා කළ සහ ජීවිත කැප කළ රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිහැඬියාවක් දක්වමින්, ගෞරව කිරීම සිදු වූ අතර, අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාර පිරිනැමුණා. ඒ ආචාර්ය වෙඩි මුර 21 ක් සමඟයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුව, ආචාර පෙළපාලිය නිරීක්ෂණය කළ අතර, පෙළපාලියට නිලධාරින් 583 දෙනෙකු සහ සෙසු නිළයන් 9090 දෙනෙකු එක්ව සිටියා. ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේ ඉන් අනතුරුවයි. රණවිරුවන් රට දීනත්වයෙන්, වීරත්වයට ගෙන ගිය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා.

[MP3]s59223_1[/MP3]

තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ උතුරේ ජනතාව කපටි ආරක්ෂකයන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවයි.

[MP3]s59223_2[/MP3]

ජනාධිපතිවරයා ජාතිය ඇමතීමෙන් පසු යුද්ධයේදී දිවි පිදූ වීර රණවිරුවන් වෙනුවෙන් පරම වීර විභූෂණ සම්මාන ලබාදීම සිදුවූ අතර, අනතුරුව ආචාර පෙළපාලිය ආරම්භ වුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඊට එක්වුණු අතර, නාවික හමුදාවේ නෞකා සහ ගුවන් හමුදාවේ යානා එය තවත් වර්ණවත් කළා.

මේ අතර, යුද්ධයේදී මියගිය අභීත රණවිරුවන් සිහි කරමින් විශේෂ රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ ආරම්භ වුණේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදීයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ද එම අවස්ථාවට එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories