රෝහල් උපස්ථායක විභාගය කල් යයි. - අපේක්ෂකයන් අතරමං.

Sunday, 19 May 2013 - 12:42

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-++++++%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82.

අද (19) පැවැත්වීමට නියමිතව තිබූ රෝහල් උපස්ථායක සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයට පැමිණි අපේක්ෂකයන් දැඩි අපහසුතාවයට පත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබීම හේතුවෙන්. විභාග අපේක්ෂකයන් ප්‍රකාශ කළේ පොළොන්නරුව, අනුරාධපුර, බදුල්ල ඇතුළු ප්‍රදේශ රැසක විභාග මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබූ බවයි. ඒ අනුව, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී විභාගයට පෙනී සිටීමට පැමිණි අපේක්ෂකයන් හිරු ප්‍රවෘත්ති අංශයට තමන් මුහුණදුන් අපහසුතාවය පිළිබඳව මෙලෙස පැහැදිලි කළා.

[MP3]s59253_1[/MP3]

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පසුගිය සිකුරාදා වන විට මෙම විභාගය පිළිබඳ පැමිණිලි රැසක් තමන් වෙත ලැබුණු බවයි. මුදල් ගෙවූ අයදුම්කරුවන් පිරිසකට විභාගය පිළිබඳ දැනුම්දීමේ ලිපි ලැබී තිබුණේ නැහැ. එසේම, ඇතැම් අයදුම්කරුවන්ගේ සුදුසුකම් පිළිබඳව ද ගැටලූ පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ. එම නිසා, සාධාරණ ලෙස ඉල්ලූම්කළ අයදුම්කරුවන්ට අසාධාරණයක් වීම වැළැක්වීම සඳහා මෙසේ විභාගය කල් දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක අවධාරණය කළා. ඔහු කියා සිටියේ අදාළ තත්ත්වයන් අධ්‍යයනය කර නිසි පරිදි රෝහල් උපස්ථායක සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගය ඉදිරි සති කිහිපය තුළ පවත්වන බවයි. කෙසේ වෙතත්, මෙම විභාගය කල් දැමීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේදීයි.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සමස්ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහගෙන් සිදුකළ විමසීමකදී ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.


[MP3]s59253_2[/MP3]          



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories