තමිල්නාඩුවේ කොටි සැමරුම් තහනම්.

Sunday, 19 May 2013 - 12:43

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.


තමිල්නාඩුවේ කොටි හිතවාදීන් විසින් කුඞ්ඩලෝර් හිදී ඊයේ (18) සංවිධානය කර තිබූ කොටි සැමරුමක් එරට පොලීසිය විසින් ඊයේ නතර කරනු ලැබුවා. ඒ, සැමරුම් උත්සවය සඳහා පනවා තිබූ කොන්දේසි ඔවුන් විසින් කඩකිරීම නිසයි. නාම් තමිලර් පක්ෂ නායක සිනමා අධ්‍යක්‍ෂ සීමාන් සහ ජම්මුකාශ්මීර විමුක්ති පෙරමුණේ නායක යාසීම් මලික් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිතව තිබූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. රැස්වීමට ලබාදී තිබූ අවසරයේ කොන්දේසිවලට පිටුපාමින් ඔවුන් හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් බැනර් සහ ඡායාරූපවලින් නගරයම සරසා තිබූ බව සඳහන්. ඉන් අනතුරුවයි තමිල්නාඩු පොලීසිය කොටි සැමරුම් උත්සවය තහනම් කර ඇත්තේ. මෙම ඡායාරූප සහ බැනර් පොලීසිය විසින් ඉවත් කළ අතර උත්සවයේ කොන්දේසි උල්ලංගණය කිරීම පිළිබඳව සංවිධායකයන්ගෙන් කරුණු විමසා තිබෙනවා.

 

කොටි සමරමින් පැවැත්වීමට නියමිතව තිබූ මහජන රැස්වීම අවලංගු කිරීමෙන් පසු සීමාන් සහ යාසීම් මලික් ඇතුලූ නායකයන් කුඩලෝර් නගරයෙන් පිටත මංගල උත්සව ශාලාවක් තුළ රැස්වීමක් පවත්වා තිබෙනවා. එහිදී ජම්මු කාශ්මීර බෙදුම්වාදී නායකයෙකු වන යාසිම් මලික් ප්‍රකාශකර ඇත්තේ ලක් රජය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය අතු ගා දැමූවද ඊළාම් සිහිනය අවසන් වී නොමැති බවයි.

 

එල්.ටී.ටී.ඊ. ධජ ප්‍රදර්ශනය කළ සීමාන්ගේ ආධාරකරුවන් 15 දෙනෙකු තමිල්නාඩු පොලිසිය මගින් කුඞ්ඩලෝර් හිදී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් තහනම නොතකා බස් රථ 03 කින් රැස්වීමට පැමිණෙමින් සිටි 129 දෙනෙකු ද අත්අඩංගුවට පත්වු බවයි වාර්තා වන්නේ.

 

මේ අතර, කොටි හිතවාදී ශිෂ්‍ය ක්‍රියාකාරීන් මරීන් බීච් හිදී කොටි සැමරුම් පෙළපාලියක් සංවිධාන කර තිබූ අතර, එය පොලිසිය මගින් නතර කර තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන් වෙරළේදී මියගිය කොටි සාමාජිකයන් වෙනුවෙන් ඉටි පහන් දැල්වූ බව තමිල්නාඩු දෙමළ මාධ්‍ය පුවත්පත් සඳහන් කළා. එහිදී මියගිය ප්‍රභාකරන්ගේ සහ ඔහුගේ පුත් බාලචන්ද්‍රන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කෙරුණු බව එම පුවත්පත්වල පළ වී ඇති ඡායාරූප මගින් හෙළි වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories