මරණ දණ්ඩනය නියම වූ තවත් ශ්‍රී ලාංකිකයින් 10 ක් මැදපෙරදිග. - ඇමති ඩිලාන්.

Sunday, 19 May 2013 - 19:12

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A.


මැද පෙරදිග රටවල මරණ දඩුවමට ලක්වී සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම සඳහා එරට අධිකරණය වෙත බලපෑම් එල්ල කළ නොහැකි බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා. දැනට මැදපෙරදිග කලාපයේ රටවල විවිධ අපරාධවලට වැරදිකරුවන් වී මරණ දඩුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10ක් බවයි ඔහු කියා සිටියේ. ඩුබායි, අබුඩාබි, කටාර් සහ සෞදි අරාබි යන රටවල සේවය කර ඇති මොවුන්ගෙන් බහුතරයක් මරණ දඩුවමට ලක්ව ඇත්තේ පුද්ගල ඝාතනවලට සම්බන්ධවීම හේතුවෙන්. මේ නිසා එම රටවල අධිකරණ මගින් මොවුන් වරදකරුවන් කර ඇති අතර, මරණීය දණ්ඩනයෙන් මොවුන් ගලවා ගැනීම එම රටවල ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් මෙන්ම රටක අභ්‍යන්තර කටයුතුවලට සිදුකරන බලපෑමක් ද වන බව අමාත්‍යවරයා කියා සිටියා. එසේම එලෙස අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් නීතිමය ක්‍රියාමාර්ග සඳහා වෙනත් රටකට ජාත්‍යන්තර නීතියට අනුව බලපෑම් කළ නොහැකි බව අමාත්‍යවරයාගේ අදහසයි. එහෙත් මරණ දඩුවමට ලක්වූවන් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ වෙනත් සංවිධාන දරනු ලබන උත්සාහයන් සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය සහාය ලබාදෙන බවයි අමාත්‍ය ඩිලාන් පෙරේරා සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories