දැවැන්ත ටෝනේඩෝවකින් ඇමරිකාවේ ජීවිත හානි රැසක්.

Tuesday, 21 May 2013 - 7:51

%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%9A%E0%B6%A9%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තය හරහා හැමූ දැවැන්ත ටොනේඩෝ සුළි සුළඟකින් අවම වශයෙන් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සැතපුමක් පමණ විශාල වූ මෙම දැවැන්ත ටොනේඩෝව හේතුවෙන් ඔක්ලහෝමා අවට නිවාස රැසක් පොළවට සමතලා වී තිබෙනවා. අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් 70දෙනෙකු පමණ ලමයින් බව සඳහන්. මීට පැය කිහිපයකට පමණ පෙර සිදුවූ මෙම ටොනේඩෝ සුළි සුළඟින් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. එමෙන්ම මෙහි ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තාවන්නේ. ඔක්ලහෝමාවට මීට පෙර මෙවැනි ප්‍රබල ටොනේඩෝවක් ඇතිවූයේ 1999 වසරේදියි. ඒ, වාර්තාගත ඉතිහාසයේ දක්නට ලැබුණු ප්‍රබලතම ටොනේඩෝවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories