ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදුකර ඇති ප්‍රකාශය අසාධාරණ බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසනවා. සිංහල බෞද්ධයන් විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව කොන් කිරීමට සහ නොරිස්සීමට ලක් කර ඇති බවයි 2012 වසරේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. එමගින් මෙරට වෙසෙන සිංහල බෞද්ධ ජනතාවට මෙවැනි චෝදනාවක් එල්ල කිරීම සාධාරණ නොවන බවද ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය තවදුරටත් පවසනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ආගමික නිදහස සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙරට රජය දැනුවත් කර ඇති බවයි. අන්‍යාගමික පූජ්‍ය ස්ථානවලට ප්‍රහාර එල්ල කරන පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවන ලෙස ඇමරිකාව ලක් රජයෙන් ඉල්ලා සිටි බවත් එහි වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම වාර්තාව පිළිබඳව තවදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්.අමීන්.
[MP3]s59387[/MP3]
Latest News
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්