වර්ජනය අසාර්ථකයි - රාජ්‍ය සේවකයින් 93% ක් සේවයට.

Tuesday, 21 May 2013 - 18:53

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+93%25+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7.

ඉහළ දැමූ විදුලිබිල අහෝසි කරන ලෙස ඉල්ලා විපක්ෂයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනයට සහය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශයන් හි සහ ආයතනවල විරෝධතාවයන් පැවැත්වුණා.

රත්මලාන ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (21) දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කර තිබුණා. එහිදී අදහස් දැක්වු ජලසම්පාදන ජලාපවහන සේවක සංගමයේ සභාපති පියල් කළුතරගේ.

 
[MP3]s59412_1[/MP3]                                    

 

කොළඹ - වරාය ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ද උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කර තිබුණා. ඒ, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින්. එහිදී අදහස් දැක්වු එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ.

 

[MP3]s59412_2[/MP3]
 

මෙම සංකේත වැඩවර්ජනයට සහය දෙන ලෙස ගොවීන්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන්ද ඉල්ලීමක් කර තිබුණා. කෙසේ වෙතත්, අද (21) දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාත්මක වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. එහිදී හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වු ගොවීන් සහ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක්.

 
[MP3]s59412_3[/MP3]                                                  
 

විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අනුරාධපුර නගරයේ සියලූම කඩසාප්පු පැය 03 ක කාලයක් වසා දමා තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. මීට අමතරව දෙනියාය - වරල්ල ප්‍රදේශයේ, පුත්තලම - පල්ලම නගරයේ, හැටන් - වටවල යන ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමා කළුකොඩි ඔසවා තිබූ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.


කෙසේ වෙතත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය යුක්තිය උදෙසා ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු එස්.අමරසිංහගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ අද (21) ක්‍රියාත්මක වූ වැඩවර්ජනය අසාර්ථක, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවයි.

 
[MP3]s59412_4[/MP3]                          

අද (21) පැවැත්වුණු නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත් සභා රැස්වීම්වලදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංකේත වැඩවර්ජනයට සහය පළ කරමින් කළු පටි පැළඳ සභාවට පැමිණියා. වයඹ පළාත් සභාවේ සැසිවාරයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පැමිණීමත් සමඟ සභාවේ උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවුණා. මධ්‍යම පළාත් සභාවේද විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාසික සැසිවාරය ආරම්භ වීමත් සමඟ විදුලිබිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් සභාවෙන් ඉවත්ව ගියා.

මේ අතර, ඉහළ දැමූ විදුලි ගාස්තු අහෝසි කරන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමග නැගෙනහිර පළාත් සභාවේ සභා වාරය ලබන මස 18 වැනිදා දක්වා කල් තැබීමට එහි සභාපතිනිය අද තීරණය කළා. ඉන් අනතුරුව පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්ද හට ගැනුණු අතර, සභාව කල් තැබීමට විරෝධය දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුව පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයද නිරත වූ බවයි එහි සිටි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. නැගෙනහිර පළාත් සභාව තුළ අද ඇතිවු උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු එම පළාත් සභාවේ විපක්ෂ නායක දයා ගමගේ.

[MP3]s59412_5[/MP3]                  

පළාත් සභාවේ ඇතිවු තත්ත්වය පිළිබඳව නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායකද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

[MP3]s59412_6[/MP3]                     

විදුලිබිල පහත දමන ලෙස රජයට බලකරමින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන්, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එක්ව විරෝධතාවයක් අද (21) ගලහ මංසන්ධියේදී පැවැත්වුණා. ඒ, ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ලෙසයි. ඔවුන් පැවැත්වු විරෝධතාවය හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට සුළු බාධාවක් එල්ල වුණා. මේ, එම අවස්ථාවේදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු එම එකමුතුවේ සභාපති ඞී.ජී. අබේරත්න.

[MP3]s59412_7[/MP3]                            
 
මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රජයේ සේවකයින්ගේ අද දිනයේ පැමිණීම 93.5% ක දක්වා වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. එය සාමාන්‍ය දිනෙක පැමිණීමට වඩා ඉහළ අගයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පාසල්, රෝහල් සහ වැඩබිම් සාමාන්‍ය පරිදි අද දින ක්‍රියාත්මක වීමද විශේෂත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රජයේ සංවර්ධන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් හා රට තුළ අනවශ්‍ය භීතියක් ඇතිකර රටේ ස්ථාවරභාවයට හානි කිරීම සඳහා ඇතැම් රාජ්‍ය විරෝධී කණ්ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් සැලසුම් කරන ලද වැඩවර්ජනයක් බවයි එම නිවේදනයෙන් තවදුරටත් සඳහන් කළේ.

කොළඹ - වරාය ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට

[JPG]59412_1[/JPG]

[JPG]59412_2[/JPG]

[JPG]59412_3[/JPG]

[JPG]59412_4[/JPG]

[JPG]59412_5[/JPG]

අනුරාධපුර නගරයේ සියලූම කඩසාප්පු වසා දමා

[JPG]59412_6[/JPG]

[JPG]59412_7[/JPG]

[JPG]59412_8[/JPG]

[JPG]59412_9[/JPG]

[JPG]59412_10[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories