ආණ්ඩුවට සංඥාවක් දුන්නා - ලාල්කාන්ත කියයි.

Tuesday, 21 May 2013 - 18:57

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A5%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අද (21) වැඩවර්ජනයෙන් ලබාදුන් සංඥාව ආණ්ඩුව නිසි ලෙස අවබෝධ කරනොගතහොත් වෙසක් පොහොයෙන් පසු නව ක්‍රියාමාර්ගයක් අරඹන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (21) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එක්වු එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ අද පැවැත්වූ සංකේත වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට රජය නොයෙකුත් ක්‍රියාමාර්ග ගත් බවයි.

[MP3]s59413_1[/MP3]

වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව අද පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු කේ.ඞී. ලාල්කාන්ත පැවසුවේ මෙම වැඩවර්ජනයෙන් තමන් ආණ්ඩුවට අවශ්‍ය බලපෑම එල්ල කළ බවයි.

[MP3]s59413_2[/MP3]

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර කොළඹ සිය නිවසේදී අද (21) මාධ්‍ය හමුවක් කැඳවා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඞී. ලාල්කාන්ත තනතුරුවලින් ඉල්ලා අස්වන්නේ දැයි විමසා සිටියා. ඒ, අද කැඳවා තිබූ සංකේත වැඩවර්ජනය අසාර්ථක වූ බව පවසමින්.

 
[MP3]s59413_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories