උතුරේ ඡන්දය 13 සමග බව රජය කියයි.

Wednesday, 22 May 2013 - 12:52

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+13+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

උතුරු පළාත් සභා මැතිවරණය එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. කොළඹ අද (22) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ 13 වන සංශෝධනයට දැනට ව්‍යවස්ථාවේ බලාත්මක වගන්තියක් බවයි. එය වෙනස් කළ යුත්තේ, මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පුළුල් සාකච්ඡාවකින් සහ දේශපාලන පක්ෂ අතර ගණුදෙණුවකින් බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

[MP3]s59450_1[/MP3]                              

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කරනු ලැබූ චෝදනාවකට ද අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කැබිනට් මාධ්‍ය හමුවේදී පිළිතුරු ලබා දුන්නා. තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ලබා ගන්නා තෙල් සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවේදී දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s59450_2[/MP3]                                                 

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

[MP3]s59450_3[/MP3]                                    
 
මේ අතර, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිරිනමනු ලබන වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත උපාධියක් කිරීමට වෛද්‍ය අඥා පනතට සංශෝධනයක් ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories