ව්‍යවස්ථා වෙනසට UNP 11 ක් කැමතියි. හෙළ උරුමය.

Wednesday, 22 May 2013 - 18:43

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%A7+UNP+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA.

පළාත් සභාවල ඇති රටට අහිතකර ලක්ෂණ ඉවත් කිරීමට තම පක්ෂය ගෙන එන පනත් කෙටුම්පතට එක්සත් ජාතික පක්ෂයේ 11 දෙනෙකු සහය ලබාදීමට එකඟ වී ඇතැයි ජාතික හෙළ උරුමය අද කියා සිටියා. දහ නවවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වෙන මෙම පනත් කෙටුම්පතට ඡන්දය දීමේදී පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට සිය හෘදය සාක්ෂිය අනුව එය සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද ඔවුන් ඉල්ලීමක් කළා.

 

පළාත් සභා ස්ථාපිත කළ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍යයේ ඒකීයත්වය, දේශපූර්ණත්වය සහ සෛවරීභාවය විනාශ කරන බවයි හෙළ උරුමය පවසන්නේ. විශේෂයෙන් පොලිස් සහ ඉඩම් බලතල ක්‍රියාත්මක වීමෙන් දරුණු ප්‍රතිවිපාක අත්විය හැකි බවද ඔවුන් කියා සිටිනවා.

 

උතුරු පළාත් සභා ඡන්දයත් සමග නැවත මතුව ඇති 13 වන සංශෝධනය පිළිබඳ කථිකාව සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අද අදහස් පළවුණා.  මේ, හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදී එහි නීති උපදේශක, පළාත් සභා ඇමති උදය ගම්මන්පිල දැක්වූ අදහස් සමග ඇමති අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න සහ හෙළ උරුමයේ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දැක්වූ අදහස් කිහිපයක්.

 
[MP3]s59472[/MP3]      



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories