‘‘ජනමාධ්‍යවේදියා’’ නොහඳුනන මර්වින්.

Wednesday, 22 May 2013 - 18:58

%E2%80%98%E2%80%98%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B6%B1+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

මාධ්‍යවේදියෙකු නම්, වීඩියෝ කැමරාවක් අතැතිව සිටිය නොහැකි බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා  ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවකදී හිරු ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදියා කැමරාව පිටුපස සිට ඇසූ ප්‍රශ්ණයකට ප්‍රතිචාර දක්වමින්.

 

හිරු මාධ්‍යවේදියා ප්‍රශ්ණ කළේ, විදුලි ගාස්තු වැඩිවීම මහ ජනයාට දැනී ඇති ආකාරය සම්බන්ධව මහජන සම්බන්ධතා අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරු පිළිබඳවයි. ඉන් අනතුරුව අප මාධ්‍යවේදියා සහ අමාත්‍ය මර්වින් සිල්වා අතර ඇතිවූ සංවාදයයි මේ.

 

[MP3]s59476_1[/MP3]                                

 

කැමරා, පටිගත කිරීමේ යන්ත්‍ර, පරිගණක ආදිය හසුරුවමින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න යොමු කිරීමේ කාර්යයද කිරීම නව මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන නව මාධ්‍යවේදියාගේ ලක්ෂණයක්. අමාත්‍ය මර්වින් සිල්වා හිරු මාධ්‍යවේදියා, කැමරාවක් අතැතිව සිටීම නිසා මාධ්‍යවේදියෙකු නොවන බවට කළ ප්‍රකාශය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේම පැවති තවත් මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කෙරුණා. කැබිනට් තීරණ දැනුම්දීමේ එම මාධ්‍ය හමුවේදී හිරු මාධ්‍යවේදියාගේ එම ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූ වැඩබලන කැබිනට් ප්‍රකාශක ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා.

 

[MP3]s59476_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories