කොළඹ ආරක්ෂාවට 2000 ක්. රට පුරා විශේෂ බස් සේවා.

Thursday, 23 May 2013 - 7:57

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+2000+%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F.

වෙසක් මංගල්‍යය වෙනුවෙන් කොළඹ නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

[MP3]s59487_1[/MP3]

වෙසක් මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික වෙසක් සතිය අරමුණ කොටගෙන විශේෂ බස් සේවාවක් කොටුව මධ්‍යම බස් රථ නැවතුම්පලෙන් ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපති එල්.ඒ. විමලරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ගාල්ල, මාතර, බදුල්ල, මොණරාගල, අනුරාධපුරය පොළොන්නරුව වැනි නගර දක්වා අමතර බස් සේවාවන් ක්‍රියාත්මක කර තිබෙනවා. මීට අමතරව කොළඹ නගරයේ ඉදිකර ඇති  තොරණ් නැරඹීම සඳහාද විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවයි උප සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

[MP3]s59487_2[/MP3]

මේ අතර ජාතික ගමනාගමන කොමිසම් සභාවද වෙසක් මංගල්‍යය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන එහි සභාපති රොෂාන් ගුණවර්ධන.

[MP3]s59487_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories