අමතර සමා කාලයක් ගැන සෞදිය සමග සාකච්ඡා.

Thursday, 23 May 2013 - 12:44

%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F.



නීතිවිරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීම සඳහා අමතර පොදු සමා කාලයක් ලබාගැනීම පිළිබඳ එරට රජය සමග සාකච්ඡා සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. සෞදි අරාබියේ නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට රටින් පිටවීමට ලබන ජූනි මස 3 වැනිදා දක්වා වන පොදු සමා කාලයක් එරට රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. දැනට සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයන් 6 000 ක් පමණ රැඳී සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. මෙම පිරිසෙන් මේ දක්වා ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ 700 ක පමණ පිරිසක් බවයි නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ. ඒ අනුව ලබන ජූනි 3 වැනිදා පොදු සමාකාලය අවසන් වීමෙන් පසු මෙලෙස අමතර පොදු සමා කාලයක් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවා.

[MP3]s59512[/MP3]

මේ අතර සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ හිංසනයන්ට ලක්වූ ශ්‍රී ලාංකීය කාන්තාවන් 36 දෙනෙකු අද අලූයම දිවයිනට පැමිණියා. ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ සෞදි අරාබි ගුවන් සේවයට අයත් යානයකින් මොවුන් දිවයිනට පැමිණි බවයි. මෙම කාන්තාවන් ගුවන් තොටුපලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන පියස වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories