සීගිරිය දැන්වීමකට යොදාගත් සමාගමට එරෙහිව නීතිමය පියවර.

Thursday, 23 May 2013 - 19:08

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB.

කාශ්‍යප රජතුමා නිර්මාණය කළ සීගිරිය, මෙරට ප්‍රෞඩත්වය කියා පාන කැඩපතක්. එහෙත් එය මත්පැන් නිෂ්පාදන සමාගමක නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා යොදා ගන්නේ නම් කණගාටුදායක කරුණක්. ජපානයේ මත්පැන් නිෂ්පාදන සමාගමක් තම නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා සීගිරිය පසුතලයක් ලෙස යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති වෙළඳ දැන්වීමක් මේ දිනවල අන්තර්ජාලයේ දැකගත හැකියි.

සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක පවසන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුමැතියකින් තොරව සීගිරිය මෙම වෙළඳ දැන්වීමට යොදාගෙන ඇති බවයි. ඒ අනුව අදාළ ජපාන සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

[MP3]s59538_1[/MP3]                                      

මේ අතර, රාවණා බලය සංවිධානය කියා සිටියේ මෙම වෙළඳ දැන්වීම ප්‍රචාරයවීම වහා නතර කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් වෙසක් සතියෙන් පසු විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවයි. ඒ පිළිබඳ පැහැදිලි කරන එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්.

[MP3]s59538_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories