ෆෙඞ්රික් නියුමාන් පදනමේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වන සාගරිකා දෙල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. එම පදනම මෙරට තුළ ක්‍රියාත්මකවීමේදී නීත්‍යානුකූල සීමාවන් ඉක්මවා ක්‍රියාකර ඇත්ද යන්න පිළිබඳව එහිදී විමර්ෂනය කෙරෙන බවයි එම කාර්යාලය සඳහන් කරන්නේ.
ෆෙඞ්රික් නියුමාන් පදනම විසින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට පැවැත්වූ වැඩමුළුවක් සම්බන්ධයෙන් මේ දිනවල කතාබහට ලක්ව තිබෙනවා. කොළඹ අද (23) පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ද මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.
[MP3]s59539_1[/MP3]
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෆෙඞ්රික් නියුමාන් පදනම සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණවලදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමේ වෑයමක් හෝ අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවයි.
මේ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ෆෙඞ්රික් නියුමාන් පදනම, සිය පක්ෂය සමග ඇති සම්බන්ධතාවය පිළිබඳ ප්‍රකාශයක් සිදු කළා.
[MP3]s59539_2[/MP3]
ජර්මනියේ ලිබරල් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වන ෆෙඞ්රික් නියුමාන් විසින් 1958 දී මෙම පදනම ආරම්භ කළ අතර ලිබරල් දේශපාලනය ව්‍යාප්ත කිරීම සහ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන කටයුතුවලට ආධාර උපකාර කිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා. ෆෙඞ්රික් නියුමාන් පදනම 1974 සිට ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වුණා.
Follow US
Most Viewed Stories