General23 May 2013

ජවිපෙ අදත් මහ පාරේ.

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (23) පස්වරුවේ කොළඹ විරෝධතා පෙළපාලියක් සංවිධාන කර තිබුණා. පුංචි බොරැල්ලෙන් ආරම්භ වූ පෙළපාලිය මරදාන පාර ඔස්සේ පිටකොටුව හරහා කොටුව දුම්රිය ස්ථානය අසලට ළඟා වුණා.

මෙහිදී අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ විදුලිබිල ඉහළ දැමීම ඇතුළු ජනතාවට බර පැටවීමට එරෙහිව අඛණ්ඩව අරගල කළ යුතු බවයි.

[MP3]s59540_1[/MP3]                                                     

මේ අතර, පසුගියදා පැවති වැඩවර්ජනය පිළිබඳ ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය මාධ්‍ය හමුවක් කොළඹ දී කැඳවා තිබුණා. ඊට එක්වු අමාත්‍ය රාජිත සේනාරත්න අනාගත විදුලිය අඩුකිරීමක් පිළිබඳ පැහැදිලි කරද්දී මාධ්‍යවේදීන් කියා සිටියේ එය සිහින ලෝකයක් පෙන්වාදීමක් බවයි. පසුව මාධ්‍යවේදීන් විදුලිබිල ඉහළ දැමීම සාධාරණ දැයි විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ විදුලිබිල ඉහළ දැමීම සාධාරණ වූවත්, ජනතාව එය දරා ගැනීම සම්බන්ධයෙන් අසාධාරණයක් සිදුවී ඇති බවයි.

[MP3]s59540_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes