හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සියල්ල සූදානම්.

Thursday, 23 May 2013 - 19:31

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.



මෙවර වෙසක් පුණ්‍යෙත්සවය කතරගම - කිරිවෙහෙර පුදබිමේ සිට සමරන්නට             හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. හිරු ශාක්‍යසිංහ මංගල්‍යය නමින් පැවැත්වෙන මෙම මහා පුණ්‍ය කටයුත්ත මැයි මස 24 වැනි වෙසක් දින සිට 27 වැනිදා දක්වා කතරගම කිරිවෙහෙර පුදබිමේදී පැවැත්වෙනු ඇති. මෙවර හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සියැසින් වන්දනාමාන කිරීමේ අවස්ථාව බැතිමතුන්ට හිමිවනවා. ඉන්දියාවේ කපිලවස්තුපුරයෙන් වැඩමවා වදාළ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් කිරිවෙහෙර පුදබිමේ ධාතු මන්දිරයේ තැන්පත් කෙරෙන අතර මැයි මස 25 වැනිදා අළුයම සිට 27 වැනිදා අළුයම දක්වා එම ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට බැතිමතුන්ට හැකියාව ලැබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories