General24 May 2013

නිරිත දිග මෝසම සමග ඉදිරි සතියේත් වැසි.

මැඞ්න් ජූලියන් දෝලනය නමැති කාලගුණ විපර්යාසයක් ඉදිරි සතියක කාලසීමාව තුළ  ශ්‍රී ලංකාවට හා දකුණු ඉන්දියාවට බලපෑ හැකි බව ඇමෙරිකානු ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත්, නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් සමඟ මෙම තත්ත්වය මගින් තද වැසි සහ සුළං අපේක්ෂා කළ හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. ලබන 28 වැනිදායින් පසුව මෙම කාලගුණ තත්ත්වය වඩාත් සක්‍රිය වනු ඇති බව ද ඇමෙරිකානු ජාතික කාලගුණ සේවය සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකරගෙන් විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ හෙටින් පසුව, නිරිත දිග මෝසම් තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරයෙන් ස්ථාපිත වන බවයි. එහෙත්, එහි සුවිශේෂී තත්ත්වයක් මේ වනතුරු නිරීක්ෂණය කර නොමැති බවයි ඔහු කියා සිටියේ.

[MP3]s59616_1[/MP3]                    

කෙසේ වුවත්, නිරිත දිග මෝසම් සුළං තත්ත්වයත් සමඟ බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් වර්ධනය වුවහොත් එමගින් සාමාන්‍ය කාලගුණික තත්ත්වයට වෙනස් තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා. ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකර තවදුරටත් සඳහන් කළේ.
 
[MP3]s59616_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes