සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ජාතික හෙළ උරුමයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ තත්ත්වය බරපතල බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ගිනි ඇවිලීම නිසා උන්වහන්සේගේ ශරීරයෙන් 95%කට ආසන්න ප්‍රමාණයක් දරුණු ලෙස පිළිස්සීමට ලක්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ. අද (24) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින්. කෙසේ වෙතත්, බෝවත්තේ ඉන්දරතන හිමියන් මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ තවදුරටත් සඳහන් කළා.
[MP3]s59617_1[/MP3]
[JPG]59596_1[/JPG]
[JPG]59596_2[/JPG]
[JPG]s59617_1[/JPG]
[JPG]s59617_2[/JPG]
සිරුරට ගිනි තබා ගැනීමට පෙර ශ්‍රී දළඳා මාලිගාව ආසන්නයේ දන්සැල් විවෘත කිරීමේ උත්සව කටයුතු ආවරණය කරමින් සිටි මහනුවර හිරු වාර්තාකරු කමල් සුරවීර ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකට බෝවත්තේ ඉන්දරතන හිමියන් ලිපි දෙකක් ලබාදී තිබුණා. ඉන් එක් ලිපියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලියා තිබු අතර, අනෙක් ලිපිය ශ්‍රී දළඳා වහන්සේ වෙත සිදුකරන ප්‍රකාශයක් ලෙස සටහන් කර තිබුණා. උන්වහන්සේ එම ලිපි දෙකෙන් ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර තිබූ අතර, එහි ප්‍රධානම ඉල්ලීම වී තිබුණේ ශ්‍රී ලංකාවෙන් ගව ඝාතනය තුරන් කරන ලෙසයි. කෙසේ වෙතත්, දළඳා සමිඳුන් වැඳපුඳා ගැනීමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාව විශ්මයට පත්කරමින් උන්වහන්සේ හදිස්සියේම සිරුරට ගිනි තබාගත් බවයි සිද්ධිය ඇසින් දුටු හිරු වාර්තාකරු කමල් සුරවීර සඳහන් කළේ.
[MP3]s59617_2[/MP3]
පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වෙන්නේ මනාප 3,664 ක් ලබාගෙන සන්ධාන ලැයිස්තුවේ 07 වන ස්ථානයට පත්වෙමින්. කෙසේ වෙතත්, අවසන් සභාවාර 07 ට සහභාගී නොවීම නිසා උන්වහන්සේගේ මන්ත්‍රී ධුරය අහෝසි වී තිබුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් අදහස් පළ කළ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නලින් මාගම්මන.
[MP3]s59617_3[/MP3]
ජාතික හෙළ උරුමය විසින් උන්වහන්සේගේ පක්ෂ සාමාජිකත්වයද මීට මාස කිහිපයකට පෙර අත්හිටුවා තිබෙනවා. ඊට හේතු දැන ගැනීමට අප කතා කළේ එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහටයි.
[MP3]s59617_4[/MP3]
කෙසේ වෙතත්, පසුව බෝවත්තේ ඉන්දරතන හිමියන් සිංහල රාවය සංවිධානය සමග එක්වනවා. පසුගියදා දෙහිවල පැවති එහි සමුළුවද උන්වහන්සේ අමතා තිබුණා. එම සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන උන්වහන්සේ අද දිනයේ මෙලෙස සිරුරට ගිනි තබා ගැනීමක් සිදුකරන බවට තමන්ට දැනුම්දීමක් සිදුකර නොතිබූ බවයි එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කළේ.
[MP3]s59617_5[/MP3]
Latest News
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්