අදට යෙදුණු වෙසක් පුරපසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් වන්දනාමාන කිරීමට පැමිණි බැතිමතුන්ගෙන් රට පුරා වෙහෙර විහාර පිරී ඉතිරී ගියා. රට පුරා ඉදිවුණු දන්සැල් සංඛ්‍යාවද දහස් ගණනක්.
මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා අද (24) උදෑසන සිට අති විශාල ජනකායක් පැමිණෙමින් සිටින බවයි මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්.රත්නායක සඳහන් කළේ.
[MP3]s59619_1[/MP3]
කළුතර බෝ සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා ද ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පැමිණෙන සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි කියා සිටියේ.
[MP3]s59619_2[/MP3]
අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සහ ඒ අවට ප්‍රදේශයේ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා අනුරාධපුර හිරු වාර්තාකරු උපාලි ආනන්ද.
[MP3]s59619_3[/MP3]
පොළොන්නරුවේ පූජා භූමි ආශ්‍රිතව අද උදෑසන සිට බැතිමතුන් විශාල සංඛ්‍යාවක් රැඳී සිටි බවයි පොළොන්නරුව හිරු වාර්තාකරු රොෂාන් තුෂාර පවසන්නේ.
[MP3]s59619_4[/MP3]
දඹුල්ල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ද විශාල ජනකායක් පැමිණි බවයි හිරු දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස සඳහන් කළේ.
[MP3]s59619_5[/MP3]
කොළඹ නගරයේ වෙසක් කලාප 7 ක් සහ තොරණ 10 ක් බැතිමතුන්ට දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවනවා. මේ අතර, වෙසක් අසිරිය නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සැල් 500 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ නගරයේ සූදානම් කර ඇති බවයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
[MP3]s59619_6[/MP3]
මේ අතර, කොළඹ නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 2000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කොළඹ නගරයට පැමිණෙන රථ වාහන හැසිරවීම සඳහා රථ වාහන අංශය ද යොදවා ඇති බවයි.
[MP3]s59619_7[/MP3]
Latest News
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්