හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්.

Friday, 24 May 2013 - 19:43

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය මෙවර සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් වෙසක් පුණ්‍යෝත්සවය සමරනු ලබන්නේ කතරගම - කිරිවෙහෙර පුදබිමේ සිටයි. හිරු ශාක්‍යසිංහ මංගල්‍යය නමින් පැවැත්වෙන මෙම මහා පුණ්‍ය කටයුත්ත අද සිට 27 වැනිදා දක්වා පැවැත්වෙනවා. ඒ අනුව, අද (24) කතරගම - කිරිවෙහෙර පුදබිම පහන් ලක්ෂයකින් සහ ලක්ෂ සංඛ්‍යාත මල් සහ සුවඳ දුම් පූජාවකින් ඒකාලෝක වනු ඇති. මෙවර හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සියැසින් වන්දනාමාන කිරීමේ අවස්ථාව බැතිමතුන්ට හිමිවීම විශේෂත්වයක්. ඉන්දියාවේ කපිලවස්තුපුරයෙන් වැඩමවා වදාළ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් කිරිවෙහෙර පුදබිමේ ධාතු මන්දිරයේ තැන්පත් කළා. හෙට අළුයම සිට 27 වැනිදා අළුයම දක්වා එම ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට බැතිමතුන්ට හැකියාව ලැබෙනවා. 

rn

හිරු FM හිරු TV ප්‍රමුඛ ආසියානු මධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ සුරතින් කිරි  වෙහර පුද බිම පහන් ලක්ෂයකින් සහා ලක්ෂ සංඛ්‍යාත මල් සහා සුවද දුම් පුජාවකින් ඒකාලෝක කිරීමේ මහා පින්කම ඇරඹූනු අවස්ථාව පහතින් බලන්න

rn

rnrnrnrnrnrnrn

rn

මේ අතර, වෙසක් පුණ්‍යෝත්සවයේදී ආමිස පූජා අතර ප්‍රධාන තැනක් ගනු ලබන වෙසක් තොරණ වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. මෙවර නවතම සංකල්පයකින් ඉදිරිපත් කර තිබෙනවා. ලොව  ඕනෑම තැනක සිට  ඕනෑම මොහොතක සැනෙකින් අන්තර්ජාලයට පිවිස මෙම තොරණ දැකබලා ගත සිත් පහන් කර ගැනීමට බැතිමතුන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. එමෙන්ම ජාතක කතා වස්තුව හොඳින් අධ්‍යයනය කරමින් තොරණ නැරඹීමට හැකිවන අතර, මෙම ඔන්ලයින් තොරණ ලොව වැඩිම පිරිසක් නරඹන තොරණ ලෙස ඉතිහාසයට එක්වනු ඇති. ඒ අනුව මහා කපි ජාතකය රැගත් ලොව ප්‍රථම ඇසිදිසි ඔන්ලයින් තොරණ www.hirutv.lk සහ www.hirufm.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැන් නැරඹිය හැකියි. මේ වනවිටත් දහස් සංඛ්‍යාත පිරිසක් අන්තර්ජාලය හරහා එය නරඹා ඇති අතර, වැඩිම පිරිසක් මෙම තොරණ නරඹා ඇත්තේ ඇමරිකාව, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින්

rn

 

rn

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories