සාමය සහ ආදරය වෙනුවෙන් ලෝකය හැඩගැස්සවීමටත්, මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කිරීමටත්, බෞද්ධ සහ ක්‍රිස්තියානි භක්තිකයන්ට වගකීමක් ඇති බව අන්තර් ආගමික සහජීවනය සඳහා වූ වතිකානු කවුන්සිලය පවසනවා. වෙසක් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් එම කවුන්සිලය මේ බව සඳහන් කර තිබෙනවා. එම නිවේදනයෙන් ලොව පුරා වෙසෙන බෞද්ධ බැතිමතුන්ට උණුසුම් සුභ පැතුම් එක් කරමින් එම කවුන්සිලය පෙන්වා දී ඇත්තේ ක්‍රිස්තියානි භක්තිකයන් ලෙස බෞද්ධයන් හා පවතින සහයෝගිතාවය වැඩි කිරීමට ද අද (24) දිනයේ අවස්ථාව උදාවන බවයි. විවිධ ස්වරූපයන් වලින් ක්‍රියාත්මක අමානුෂික කණ්ඩායම්වලට එරෙහිව බෞද්ධයන් සහ ක්‍රිස්තියානි භක්තිකයන් නැගී සිටීම සහ මානව සංහතියට එයින් ඇති වන තර්ජනයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය එම කවුන්සිලයේ සභාපති ජෝන් ලූවී කාදිනල්තුමන් පෙන්වා දී තිබුණා. අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නිල කාලය ආරම්භයේදී විවිධ වූ ආගම් අතර සහජීවනයේ අවශ්‍යතාවය ඉස්මතු කළ බව පෙන්වා දී ඇති එම නිවේදනයෙන් තවදුරටත් සඳහන් කර ඇත්තේ බෞද්ධ සහ ක්‍රිස්තියානි භක්තිකයන්ට පොදු වූ ජීවන රටාවන්වලට සියලූදෙනා ගරු කළ යුතු බවයි.
Latest News
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්