වතිකානුවෙනුත් වෙසක් පණිවුඩයක්.

Friday, 24 May 2013 - 20:42

%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



සාමය සහ ආදරය වෙනුවෙන් ලෝකය හැඩගැස්සවීමටත්, මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කිරීමටත්, බෞද්ධ සහ ක්‍රිස්තියානි භක්තිකයන්ට වගකීමක් ඇති බව අන්තර් ආගමික සහජීවනය සඳහා වූ වතිකානු කවුන්සිලය පවසනවා. වෙසක් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් එම කවුන්සිලය මේ බව සඳහන් කර තිබෙනවා. එම නිවේදනයෙන් ලොව පුරා වෙසෙන බෞද්ධ බැතිමතුන්ට උණුසුම් සුභ පැතුම් එක් කරමින් එම කවුන්සිලය පෙන්වා දී ඇත්තේ ක්‍රිස්තියානි භක්තිකයන් ලෙස බෞද්ධයන් හා පවතින සහයෝගිතාවය වැඩි කිරීමට ද අද (24) දිනයේ අවස්ථාව උදාවන බවයි. විවිධ ස්වරූපයන් වලින් ක්‍රියාත්මක අමානුෂික කණ්ඩායම්වලට එරෙහිව බෞද්ධයන් සහ ක්‍රිස්තියානි භක්තිකයන් නැගී සිටීම සහ මානව සංහතියට එයින් ඇති වන තර්ජනයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාවය එම කවුන්සිලයේ සභාපති ජෝන් ලූවී කාදිනල්තුමන් පෙන්වා දී තිබුණා. අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නිල කාලය ආරම්භයේදී විවිධ වූ ආගම් අතර සහජීවනයේ අවශ්‍යතාවය ඉස්මතු කළ බව පෙන්වා දී ඇති එම නිවේදනයෙන් තවදුරටත් සඳහන් කර ඇත්තේ බෞද්ධ සහ ක්‍රිස්තියානි භක්තිකයන්ට පොදු වූ ජීවන රටාවන්වලට සියලූදෙනා ගරු කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories