General25 May 2013

වෙසක් සමයේ 222 ක් ජාතික රෝහලට.

බදුල්ල - මුතියංගන රජමහා විහාරස්ථානයේ ඊයේ (24) පැවති පෙරහැරේ ගමන් කළ අලියෙකු කුලප්පුවීම හේතුවෙන් පෙරහැර නැරඹීමට පැමිණ සිටි පුද්ගලයින් 24 දෙනෙකු බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරුවන් අතර කාන්තාවන් 14 දෙනෙක් සහ කුඩා දරුවෙකුද වන බවයි පොලිසිය පවසන්නේ. කුලප්පු වූ අලියා එම අවස්ථාවේදීම නිර්වින්දනය කර තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර, ඊයේ (24) දිනයේ කොළඹ නගරයේ වෙසක් නැරඹීමට සහ අනෙකුත් අනතුරුවලින් පුද්ගලයින් දෙසිය විසි දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වු හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා.

[MP3]s59634[/MP3]

Related recommendation
Hiru TV News | Programmes