කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ ඊයේ (24) අලූයම හටගත් ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව පොලිසිය පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව ශ්‍රී ලංකා වරාය පොලිසිය හා වෙරළබඩ පොලිසියද පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ. ඊට අමතරව වරාය අධිකාරියද ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරනවා.
කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ හට ගත් මෙම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා පැය කිහිපයක කාලයක් ගත වුණා. 1986 වසරේ ජපාන සමාගමක් විසින් ඉදිකර ඇති මෙය සැලකෙන්නේ කොළඹ වරාය සතු නවීනතම තාක්ෂණයෙන් යුතු ගුදමක් ලෙසයි. මීටර් 200 කට පමණ දිගකින් යුත් මෙම ගුදම තුළ ගින්න ඇති වන අවස්ථාවේ රුපියල් කෝටි ගණනක් වටිනා විද්‍යුත් උපකරණ, නිමි ඇඳුම්, සුවඳ විලවුන්, පාවහන් වැනි භාණ්ඩ රැසක් ගබඩා කර තිබූ බවයි වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.
[MP3]s59635[/MP3]
Latest News
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්