වරායේ ගින්න ගැන සෙවීම රහස් පොලිසියට.

Saturday, 25 May 2013 - 7:49

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.

කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ ඊයේ (24) අලූයම හටගත් ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව පොලිසිය පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව ශ්‍රී ලංකා වරාය පොලිසිය හා වෙරළබඩ පොලිසියද පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ. ඊට අමතරව වරාය අධිකාරියද ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරනවා.

කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ හට ගත් මෙම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා පැය කිහිපයක කාලයක් ගත වුණා. 1986 වසරේ ජපාන සමාගමක් විසින් ඉදිකර ඇති මෙය සැලකෙන්නේ කොළඹ වරාය සතු නවීනතම තාක්ෂණයෙන් යුතු ගුදමක් ලෙසයි. මීටර් 200 කට පමණ දිගකින් යුත් මෙම ගුදම තුළ ගින්න ඇති වන අවස්ථාවේ රුපියල් කෝටි ගණනක් වටිනා විද්‍යුත් උපකරණ, නිමි ඇඳුම්, සුවඳ විලවුන්, පාවහන් වැනි භාණ්ඩ රැසක් ගබඩා කර තිබූ බවයි වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.  

[MP3]s59635[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories