General25 May 2013

හිරු උත්තම ධාතු වන්දනාව ඇරඹෙයි.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය මෙවර සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් වෙසක් පුණ්‍යෝත්සවය සමරනු ලබන්නේ කතරගම - කිරිවෙහෙර පුදබිමේ සිටයි. හිරු ශාක්‍යසිංහ මංගල්‍යය නමින් පැවැත්වෙන මෙම මහා පුණ්‍ය කටයුත්ත ඊයේ ආරම්භ වූ අතර, කිරිවෙහෙර පුදබිම පහන් ලක්ෂයකින් සහ ලක්ෂ සංඛ්‍යාත මල් සහ සුවඳ දුම් පූජාවකින් ඒකාලෝක කෙරුණා. එම කටයුතු ආරම්භ කෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉන්දියාවේ කපිලවස්තුපුරයෙන් වැඩමවා වදාළ බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් කිරිවෙහෙර පුදබිමේ ධාතු මන්දිරයේ අද (25) අළුයම තැන්පත් කෙරුණු අතර ධාතූන් වහන්සේලා මේ මස 27 වැනිදා දක්වා බැතිමතුන්ට වැඳපුඳා ගත හැකියි. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා කතරගම -  කිරිවෙහෙර පුදබිමේ සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්.  

[MP3]s59636[/MP3]

හිරු FM හිරු TV ප්‍රමුඛ ආසියානු මධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ සුරතින් කිරි  වෙහර පුද බිමේ සිට කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මහ පෙරහැරෙන් කිරිවෙහෙර ධාතු මන්දිරය වෙත වැඩමවන අයුරු පහතින්

Related recommendation
Hiru TV News | Programmes