Sports25 May 2013

චෙන්නායි කණ්ඩායමේ CEO අත්අඩංගුවට.


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිදුවු තරග පාවාදීමේ සිද්ධීන්ට අදාළව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී ගුරුනාත් මෙයියප්පන් මුම්බායි පොලිසිය ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර අත්අඩංගුවට ගත් බොලිවුඞ් නළු වින්දූ ධාරාසිං විසින් පොලිසියට අනාවරණය කරන ලද තොරතුරු මත චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා රහස් පොලිසියට කැඳවා තිබුණා. ඊයේ අත්අඩංගුවට ගත් ගුරුනාත් මෙයියප්පන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ බෑණනුවන්ද වනවා.

මේ අතර, හෙට පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (24) සුදුසුකම් ලැබුවා. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් හිරු ක්‍රීඩා අංශය ගෙන එන විශේෂාංගය.

[MP3]s59637[/MP3]

Related recommendation
Hiru TV News | Programmes