General25 May 2013

වෙසක්සිරි නැරඹීමට පැමිණීමේදී මාර්ග නීති ගැන සැලකිලිමත් වන්න. - පොලිසිය.

වෙසක් අසිරිය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන්, මාර්ග නීතිවලට අවනත වෙමින් රථවාහන ධාවනය කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන කියා සිටියේ වෙසක් නැරඹීම සඳහා පැමිණීමේදීතමන්ගේ දරුවන් සහ ගමන් මළු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.

[MP3]s59656_1[/MP3]

එමෙන්ම, තරුණ කොටස් කණ්ඩායම් වශයෙන් වෙසක්සිරි නැරඹීම සඳහා යාමේදී පරීක්ෂාකාරි අයුරින් කටයුතු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා ඉල්ලීමක් කළා.

[MP3]s59656_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes