TNA බලය හිමි ත්‍රිකුණාමලය UC එක ගැන විදේශ අමාත්‍යාංශයෙන් පරීක්ෂණ.

Saturday, 25 May 2013 - 12:58

TNA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+UC+%E0%B6%91%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ත්‍රිකුණාමල නගර සභාව අත්සන් කළ ගිවිසුමක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. සිය අමාත්‍යාංශයට දැනුම්දීමකින් තොරව මෙම ගිවිසුම අත්සන් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මෙම ගිවිසුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ද ඉල්ලීමක් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළා. එමෙන්ම ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින් සමඟ  ද සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙරට පළාත් පාලන ආයතනයක් විදෙස් රටක් සමඟ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යාංශය හරහා සිය අමාත්‍යාංශය දැනුවත් කළ යුතු බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පෙන්වා දුන්නේ. ත්‍රිකුණාමලය නගර සභාව දෙමළ ජාතික සන්ධානය යටතේ පාලනය පවතින පළාත් පාලන ආයතනයකි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී , ආර් සම්බන්ධන්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ අදාළ ගිවිසුම අධ්‍යාපනික වැඩසටහනක් වෙනුවෙන් අත්සන් කළ බවයි. කෙසේ වුවත්, විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බාධාවක් නොකරන බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories