General25 May 2013

හිරු උත්තම ධාතු වන්දනාවට මේ වනවිට දසලක්ෂයකට අධික බැතිමතුන්.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය මෙවර සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් සංවිධානය කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ උත්තම ධාතු වන්දනාව අද (25) ආරම්භ වුණා.  ඉන්දියාවේ කපිලවස්තුපුරයෙන් වැඩමවා වදාළ බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිරිවෙහෙර පුදබිමේ ධාතු මන්දිරයේ විශේෂ පීඨිකාවේ අද අළුයම තැන්පත් කෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්. ධාතුන් වහන්සේලා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ එහි වැඩමවනු ලැබුවේ මහ පෙරහැරින්. හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ඊයේ ආරම්භ වූ අතර, කිරිවෙහෙර පුදබිම පහන් ලක්ෂයකින් සහ ලක්ෂ සංඛ්‍යාත මල් සහ සුවඳ දුම් පූජාවකින් ඒකාලෝක කෙරුණා. එම කටයුතු ආරම්භ කෙරුණේ ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

සර්වඥ ධාතුන් වහන්සේලා අද සිට 27 වැනිදා දක්වා බැතිමතුන්ට වැඳපුඳා ගත හැකියි. මේ වනවිටත් දස ලක්ෂයකට අධික බැතිමතුන් ඒ වෙනුවෙන් කිරිවෙහෙර පුදබිමට පැමිණ සිටිනවා. ඔවුන් හිරු එෆ්.එම්. හිරු ටී.වී තමන් වෙනුවෙන් සිදුකළ මේ මහා පුන්‍ය කටයුත්ත පිළිබඳව මෙලෙස සිය අදහස් පළ කළා.

[MP3]s59658_1[/MP3]

හිරු උත්තම ධාතු වන්දනාව පිළිබඳ තවදුරටත් තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා කතරගම -  කිරිවෙහෙර පුදබිමේ සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්.  

[MP3]s59658_2[/MP3]

හිරු FM හිරු TV ප්‍රමුඛ ආසියානු මධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ සුරතින් කිරි  වෙහර පුද බිමේ සිට කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මහ පෙරහැරෙන් කිරිවෙහෙර ධාතු මන්දිරය වෙත වැඩමවන අයුරු පහතින්

Related recommendation
Hiru TV News | Programmes