ගිනි තබාගැනීමට හිමි නමට අනුබලයක් ලැබුණාද?

Saturday, 25 May 2013 - 19:03

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AF%3F

සිරුරට ගිනි තබාගත් පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන කියා සිටියේ මහනුවර පොලීසිය විසින් අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි. ස්වාමීන් වහන්සේට ගිනිතබා ගැනීම සඳහා අනුබලයක් ලැබුණේ ද යන්න පිළිබදව සොයා බැලීම පරීක්ෂණවල මූලික අරමුණයි.

මේ අතර, සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ තත්ත්වය තවමත් බරපතල බව කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ වන විටත් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ, කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන්.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සිංහල රාවය සංවිධානය කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. බෝවත්තේ ඉන්දරතන හිමියන් සිංහල රාවය සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. අද පැවැති මාධ්‍ය හමුවේදී සිද්ධිය පිළිබද අදහස් දැක්වූ සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්.

[MP3]s59677_1[/MP3]

එක්සත් ජාතික පක්ෂය කොළඹ දී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මෙම සිද්ධිය පිළිබදව අදහස් පළ කළා.

[MP3]s59677_2[/MP3]

මේ අතර ජාතික නිදහස් පෙරමුණ ද බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණා. එහි සඳහන්ව තිබුණේ උන්වහන්සේගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඒ සඳහා විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීමට පෙර ලිපියක එයට හේතු ලෙස කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. ඒ අතර, බෞද්ධ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය වීම, බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි පාර්ලිමේන්තුවේ පනත සම්මත කර ගැනීම සම්බන්ධව සහ සර්වආගමික සංවිධාන සිදුකරන කාර්යයන් වලට මෙන්ම ගව ඝාතනය නතර කිරීම ප්‍රධානයි.
 
පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වෙන්නේ මනාප 3,664 ක් ලබාගෙන සන්ධාන ලැයිස්තුවේ 07 වන ස්ථානයට පත්වෙමින්. කෙසේ වෙතත්, අවසන් සභා වාර 07 ට සහභාගී නොවීම නිසා උන්වහන්සේගේ මන්ත්‍රී ධුරය අහෝසි වී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories