වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කරන බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි උප ලේකම් සී. එස්. මුතුකුඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ වනවිට දන්සැල් 5599 ක් පරීක්ෂාවට ලක් කළ බවයි.
[MP3]s59678_1[/MP3]
මේ අතර බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ වෙසක් උත්සවය නිමිත්තෙන් විශාල බැතිමතුන් පිරිසක් ගැවසීම හේතුවෙන් අද, හෙට සහ අනිද්දා දිනවල පස්වරු 6 සිට රථවාහන ගමනාගමනයට බාධා සිදුවිය හැකි බව පොලිසිය පවසනවා. ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියේ. විකල්ප මාර්ග ලෙස පාර්ලිමේන්තු වටරවුමේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය ඔස්සේ මාළඹේ දෙසට ගමන් කළ හැකි අතර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ඔස්සේ පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන වාහන රොබට් ගුණවර්ධන මාවතෙන් බත්තරමුල්ල - මාළඹේ ප්‍රධාන මාර්ගයට පිවිස පාර්ලිමේන්තු වටරවුම දෙසට ගමන් කළ හැකියි.
වෙසක් අසිරිය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන්, මාර්ග නීතිවලට අවනත වෙමින් රථවාහන ධාවනය කරන ලෙසද පොලිස් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන කියා සිටියේ වෙසක් නැරඹීම සඳහා පැමිණීමේදී තමන්ගේ දරුවන් සහ ගමන් මළු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.
[MP3]s59678_2[/MP3]
Latest News
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දියා 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
හොරණ බැංකු කොල්ලයේ සැකකාර සහකාර කළමනාකාරවරයා යළිත් රිමාන්ඩ්
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.89 කින් ඉහළට
ඩෙංගු මර්දන පළමු දිනයේ පරිශ්‍ර රැසක් කොටු වෙයි