‘‘හිරු උත්තම ධාතු වන්දනාවට’’ කතරගමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්.

Saturday, 25 May 2013 - 19:23

%E2%80%98%E2%80%98%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E2%80%99%E2%80%99+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය මෙවර සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ උත්තම ධාතු වන්දනාව අද ආරම්භ වුණා.  ඉන්දියාවේ කපිලවස්තුපුරයෙන් වැඩමවා වදාළ බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිරිවෙහෙර පුදබිමේ ධාතු මන්දිරයේ විශේෂ පීඨිකාවේ අද අළුයම තැන්පත් කෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්.



වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ වැඩ විසූ ධාතුන් වහන්සේලා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධුකාර මධ්‍යයේ එහි කිරිවෙහෙර ධාතු මන්දිරයට වැඩම වනු ලැබුවේ මහ පෙරහැරින්. අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඒවා මහජනයාට වන්දනාමාන කිරීම සඳහා ඒ වෙනුවෙන් සැකසුණු විශේෂ පීඨිකාවේ තැන්පත් කළේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි. පසුව, සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා අශ්ටපරිස්කාර, චීවර, ගිලන්පස ඇතුළු සියලූ දෙයින් සපිරි බුද්ධ පූජාව පූජා කෙරුණා. අනතුරුව, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදුකාර මධ්‍යයේ කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව ආරම්භ වුණා. අද සිට 27 වැනිදා දක්වා බැතිමතුන්ට සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුඳා ගත හැකියි. හිරු එෆ්.එම්. හිරු ටී.වී තමන් වෙනුවෙන් සිදුකළ මේ මහා පුන්‍ය කටයුත්ත පිළිබඳව කිරිවෙහෙර පුදබිමට පැමිණි බැතිමතුන් මෙලෙස සිය අදහස් පළ කළා.

[MP3]s59680_1[/MP3]

දඹදිව අශෝක අධිරාජ්‍යයාගේ කාලයට අයත් යැයි සැලකෙන කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා එම නමින් හැඳින්වීම පිටුපසද ඵෙතිහාසික කතා පුවතක් පවතිනවා. කුසිනාරා නුවර - උපවත්තන සල් උයනේදී බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කර ශේෂ වූ ධාතූන් වහන්සේලා බෙදා ගැනීම දඹදිව රජවරුන්ට බරපතල ගැටළුවක් වුණා. ඔවුන් යුද්ධයකටද සූදානම් වූ අතර, එම ස්ථානයට පැමිණි ද්‍රෝණ බ්‍රාහ්මණයා ඔවුන්ට කරුණු පහදා දී එම ධාතූන් වහන්සේලා අට කොටසකට බෙදා දුන්නා. එම අට කොටසින් බුදුන් උපන් කිඹුල්වත්පුරය හෙවත් කපිලවස්තු පුරයේ ශාක්‍යයන්ට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා කපිලවස්තුපුර සර්වඥ ධාතූන් ලෙසින් පසුකලෙක හඳුන්වනු ලැබුවා. මෙම ධාතූන් වහන්සේලා ප්‍රථම වරට සොයාගනු ලැබුවේ මීට වසර 113 කට ඉහතදීයි. අද කපිලවස්තු පුරය බිහාර් ප්‍රදේශය ලෙස හැඳින් වෙන බව ශාසන ඉතිහාසයේ සඳහන්.

මේ වනවිටත්, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් හිරු උත්තම ධාතු වන්දනාව සමඟ එක්ව සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණ සිටිනවා. ඒ පිළිබඳ තවදුරටත් තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා කතරගම -  කිරිවෙහෙර පුදබිමේ සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්.  

[MP3]s59680_2[/MP3]

සම්බුදු තෙමඟුල සමරමින් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ඊයේ ආරම්භ වූ අතර, කිරිවෙහෙර පුදබිම පහන් ලක්ෂයකින් සහ ලක්ෂ සංඛ්‍යාත මල් සහ සුවඳ දුම් පූජාවකින් ඒකාලෝක කෙරුණා. එම කටයුතු ආරම්භ කෙරුණේ ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ද ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්ව සිටියා.

[MP3]s59680_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories