General26 May 2013

තඹුත්තේගම සූදුපොලකදී කාන්තාවන් 5 ක් අත්අඩංගුවට.


 
තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ සූදු පොළක් වැටලූ පොලීසිය කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් ඔට්ටුවට තබා සූදු ක්‍රීඩාවේ යෙදී සිටි මෙම පිරිස ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක්. සූදු තිප්පල පවත්වාගෙන ගිය නිවසේ හිමිකාරිය වන 37 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා. කාඞ් කුට්ටම් 20 ක් සහ රුපියල් 8440ක මුදලක්ද පොලීසිය එහි තිබී තමන් භාරයට ගත්තා. අත්අඩංගුවට ගත් එක් කාන්තාවක් කාඞ් සෙල්ලමේ යෙදී තිබුණේ අවුරුදු 2 ක තම කුඩා දරුවාද ළඟ තබාගෙනයි. අත්අඩංගුවට ගත් කාන්තාවන් පස්දෙනා වයස අවුරුදු 31 ත් 43 ත් අතර පසුවනවා.

Related recommendation
Hiru TV News | Programmes