හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි.

Sunday, 26 May 2013 - 8:00

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.



හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය මෙවර සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය  අදයි. (26) ඉන්දියාවේ කපිලවස්තුපුරයෙන් වැඩමවා වදාළ බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිරිවෙහෙර පුදබිමේ ධාතු මන්දිරයේ විශේෂ පීඨිකාවේ ඊයේ අළුයම තැන්පත් කෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්.





 

පසුව, සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා අෂ්ඨපරිස්කාර, චීවර, ගිලන්පස ඇතුළු සියලූ දෙයින් සපිරි බුද්ධ පූජාව පූජා කෙරුණා. අනතුරුව, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාදුකාර මධ්‍යයේ කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව ආරම්භ වුණා. අද දිනය තුළත් හෙට අලූයම වනතුරුත් බැතිමතුන්ට සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුඳා ගත හැකියි. හිරු එෆ්.එම්. හිරු ටී.වී තමන් වෙනුවෙන් සිදුකළ මේ මහා පුණ්‍ය කටයුත්ත පිළිබඳව කිරිවෙහෙර පුදබිමට පැමිණි බැතිමතුන් මෙලෙස සිය අදහස් පළ කළා.

[MP3]s59695_1[/MP3]

මේ වනවිටත්, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් හිරු උත්තම ධාතු වන්දනාව සමග එක්ව සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණ සිටිනවා. ඒ පිළිබඳ තවදුරටත් තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා කතරගම -  කිරිවෙහෙර පුදබිමේ සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්.  

[MP3]s59695_2[/MP3]

සම්බුදු තෙමගුල සමරමින් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ  ආරම්භ වූ අතර, කිරිවෙහෙර පුදබිම පහන් ලක්ෂයකින් සහ ලක්ෂ සංඛ්‍යාත මල් සහ සුවඳ දුම් පූජාවකින් ඒකාලෝක කෙරුණා. එම කටයුතු ආරම්භ කෙරුණේ ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ද ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්ව සිටියා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories