General26 May 2013

දෙමළ සන්ධානය ජගත් සංවිධානය සමග කථා කරයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පිරිසක් පසුගියදා කිලිනොච්චියේදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවුණා. මෙම හමුව සිදුවූයේ උතුරු පළාත් සභා මැතිවරණය පිළිබඳව සමාජය තුළ කථාබහක් මතුව ඇති මොහොතකයි. එහිදී, උතුරේ සංවර්ධන කටයුතු මෙන්ම එහි වෙසෙන ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ද, සාකච්ඡා කර ඇති බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් ප්‍රකාශ කළේ.

[MP3]s59714_1[/MP3]

කෙසේ වෙතත්, උතුරු පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම, පැවැත්වීමට වඩා අවදානම් බව ජිනිවා නුවර ජගත් සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සමග කළ විශේෂ සංවාදයකදී ඔහු කියා සිටියේ උතුරු පළාත් සභාව යෝජිත නියමිත කාලයට පැවැත්වීම තුළින් මෙරටට එල්ලවන ජාත්‍යන්තර බලපෑම් අවම කරගත හැකි බවයි.

[MP3]s59714_2[/MP3]

කෙසේ වෙතත් හිටපු නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක කළ මෙම ප්‍රකාශය පිළිබඳව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වසන්ත බණ්ඩාරගෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ බෙදුම්වාදී බලතල අහෝසි කර උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සුදුසු බවයි.


[MP3]s59714_3[/MP3]

Related recommendation
Hiru TV News | Programmes