බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයකින් රත්නපුරයට.

Sunday, 26 May 2013 - 19:14

%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

සිරුරට ගිනි තබා ගැනීමෙන් අනතුරුව, අපවත්වූ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය අද (26) රාත්‍රියේදී උන්වහන්සේ වැඩ විසූ කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානය වෙත රැගෙන ඒමට නියමිතයි. ගිනි ගැනීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහෙල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඊයේ (25) රාත්‍රියේ අපවත් වුණා. අනතුරුව කොළඹ මල් ශාලාවක තැන්පත් කර තිබූ ඉන්දරතන හිමියන්ගේ දේහය අද පෙරවරුවේ රත්නපුරයට රැගෙන  ආ අතර එය මේ වනවිට නගරයේ මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ගව ඝාතනය ඇතුලූ කරුණු කිහිපයකට විරෝධය පළකරමින් වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්‍රී දළදා මාළිගාව අබියසදී පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගත්තා. මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු උන්වහන්සේ ඊයේ රාත්‍රීය වනතුරු ප්‍රතිකාර ලැබුවේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.

මේ අතර, සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව අපවත්වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය ලබා ගැනීම සඳහා ගිය තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව සිංහල රාවය සංවිධානය ප්‍රකාශ කළා. සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ ඉන්දරතන හිමියන්ගේ දේහය තම සංවිධානයට නොදන්වා රහසේම කහවත්තට රැගෙන ගොස් ඇති බවයි. සිද්ධිය පිළිබඳව උන්වහන්සේ මෙලෙස කරුණු පැහැදිලි කළා.

[MP3]s59734_1[/MP3]

එම සිදුවීමට විරෝධය පළ කරමින් සිංහල රාවය සංවිධානයේ ස්වාමින් වහන්සේලා පිරිසක් අද (26) දහවල් කොල්ලූපිටිය මංසන්ධියේ විරෝධතාවයක නිරත වුණා. මේ හේතුවෙන් කොල්ලූපිටිය මංසන්ධියේදී මාර්ග බාධක යොදා ගාලූ පාර තාවකාලිකව වසා දැමීමට ද පොලිසිය පියවර ගනු ලැබුවා.

කෙසේ වුවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන ප්‍රකාශ කළේ කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානය, අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මාලිගාකන්ද අධිකරණය විසින් අපවත්වී වදාළ හිමිනමගේ දේහය එම විහාරස්ථානයේ විහාරාධිපති වෙත භාරදීමට, නියෝග කළ බවයි. ඒ අනුව, බෝවත්තේ - ඉන්දරතන හිමියන්ගේ දේහය පොලිසිය විසින් මෙලෙස රත්නපුරයට රැගෙන ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියා.

ජාතික සංඝ සම්මේලනය සහ ජාතික හෙළ උරුමය මේ සම්බන්ධයෙන් අද (26) කොළඹදී මාධ්‍ය හමු දෙකක් කැඳවා තිබුණා. සත්ත්ව හිංසාව වැළැක්වීමේ පනත සහ අන්‍ය ආගමික පනත කඩිනමින් සම්මත කර ගන්නා ලෙස මෙහිදී ඉල්ලීමක් ද කරනු ලැබුවා. එමෙන්ම, මෙම ස්වාමින් වහන්සේට සිදුකරන ගෞරවයක් ලෙස උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු සිදුකෙරෙන දිනයේ දිවයින පුරා සියලූ නිවෙස්වල හා රථවාහනවල කහ පැහැති කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස මෙම මාධ්‍ය හමුවේදී ඉල්ලීමක් ඉදිරිපත් වුණා.

ජාතික සංඝ සම්මේලනය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එහි සභාපති රජවත්තේ වප්ප හිමියන්.

[MP3]s59734_2[/MP3]

ජාතික හෙළ උරුමය කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එහි මධ්‍යම කාරක සභික තෙබුවල පියනන්ද හිමියන් දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s59734_3[/MP3]                                            

අපවත් වී වදාල බෝවත්තේ  ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 29 වැනි බදාදා සිදුකිරීමට තීරණය කර ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා. කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානයයේ දායක සභාව සහ අවමංගල්‍ය කමිටුව අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories