වරායේ ගින්නට හේතුව වෘත්තීය සමිතියක් හෙළි කරයි.

Monday, 27 May 2013 - 8:05

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ හටගත් ගින්නට හේතුව වරාය වෘත්තීය සමිති විසින් අනාවරණය කරනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ගිනි ඇවිලෙන සුළු භාණ්ඩ ගුදමේ ගබඩා කිරීම මෙම ගින්නට හේතුව බවයි.

[MP3]s59748[/MP3]

කොළඹ වරායේ සී.එෆ්.එස්. 1 ගුදමේ පසුගිය සෙනසුරාදා අලූයම ගින්නක් හට ගත්තා. මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා පැය කිහිපයක් ගත වූ බවයි පොලීසිය සදහන් කළේ. ගින්න ඇති වන අවස්ථාවේදී රුපියල් කෝටි ගණනක් වටිනා විද්‍යුත් උපකරණ, නිමි ඇදුම් සහ සුවද විලවුන් ආදී භාණ්ඩ රැසක් ගබඩා කර තිබුණා.  
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ පරීක්ෂණ කටයුතු අඛණ්ඩවම තවදුරටත් සිදුකරන බවයි. රජයේ රස පරීක්ෂකවරයා විසින් සිදුකළ පරීක්ෂණවල වාර්තා ද ඉදිරියේ දී ලැබීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories