ඉන්දරතන හිමියන්ගේ දේහය කහවත්තට.

Monday, 27 May 2013 - 8:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7.

අපවත් වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය මේ වනවිට රත්නපුර කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන ප්‍රකාශ කළේ රත්නපුර - කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානය, අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපවත්වී වදාළ හිමිනමගේ දේහය එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත භාරදීමට, නියෝග කළ බවයි.  ඒ අනුව ඊයේ උන්වහන්සේගේ දේහය රත්නපුර කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානය වෙත රැගෙන යනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් එහි සිට තොරතුරු ගෙන එන හිරු රත්නපුර විශේෂ වාර්තාකරු ලසන්ත නිරෝෂන.

[MP3]s59749_1[/MP3]

ගව ඝාතනය වැළැක්වීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් සිරුරට ගිනි තබා ගැනීමෙන් අපවත් වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ජීවිත පූජාවට පාලකයන් වගකිව යුතු බව ජාතික සංඝ සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා.

[MP3]s59749_2[/MP3]

බෝවත්තේ  ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 29 වැනි බදාදා සිදුකිරීමට තීරණය කර ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා. කහවත්ත - පොරෝනුව, සුගතාරාම විහාරස්ථානයයේ දායක සභාව සහ අවමංගල්‍ය කමිටුව අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, වත්තල - එඬේරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ වටලා තිබෙනවා. අනතුරුව එහි සිටි පුද්ගලයන් හතරදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර එහි තිබී ගව මස් කිලෝ 440 ක් පමණ තම භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. වත්තල - එඬේරමුල්ල නගරයට ආසන්නයේ පිහිටා තිබූ මෙම ගව ඝාතකාගාරයේ වෙසක් පොහොය දින සහ ඊට පසු දිනයේදී ගවයන් ඝාතනය කර ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ. මෙම වැටලීම සඳහා කැළණිය - නාතුඩුව නන්දාගිරි විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාද එක්ව සිටියා. මේ එහිදී අදහස් දැක්වූ විහාරවාසී පූජ්‍ය නැලිගම චන්ද්‍රානන්ද හිමි.
 
[MP3]s59749_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories