සන්ධාන ප්‍රා.ස. මන්ත්‍රීවරයෙකුගෙන් පොලිසියට ප්‍රහාරයක් .

Monday, 27 May 2013 - 12:54

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+.

ස්ථාන දෙකකදී, එල්ල වූ ප්‍රහාර හේතුවෙන් පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරින් සිව් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඉන් එක් ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන්ගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකුටයි. ඊයේ (26) රාත්‍රියේ පහරකෑමට ලක්වූ ඔවුන් වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණු අතර, එක් පොලිස් නිලධාරියෙකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබනවා. ආහාර ගැනීම සඳහා වව්නියාව නගරය ආසන්නයට ගොස් සිටියදී, යතුරුපැදියකින් පැමිණි පිරිසක් පොලිස් නිලධාරින්ට පහරදී ඇති බවයි කිලිනොච්චි දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s59769[/MP3]                                              

බුලත්සිංහල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් දෙදෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ පහරදී තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල - නිල්ලකන්ද කෝවිල අසල ඇති වූ ගැටුමක් මැඩපැවැත්වීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරින් දෙදෙනා බුලත්සිංහල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. පහරදීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. කෙසේ වෙතත්, පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories